ආසාදිතයින් වාර්තා වන කලාපවලට සංචරණ සීමා පනවන්නැයි ඉල්ලයි

2020-07-15 12:55:00       813
feature-top
නව්‍ය කොරෝනා වෛරසයේ දෙවන රැල්ලක් රට තුළ ඇති වීම පාලනය කිරීම සඳහා කොරෝනා ආසාදිතයින් වාර්තා වන කලාපවලට සංචරණ සීමා පැනවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු කියා සිටියේ රෝගීන් සිටින කලාපයකින් රෝගීන් නැති කලාපයකට රෝගීන් ගමන් කිරීම මේ හරහා නවතා ගත හැකි බවයි.

සාමාන්‍ය සමාජයේ රෝගීන් සිටිනවාද යන්න සොයාගැනීම සඳහා අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම අවශ්‍ය වන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු වැඩිදුරටත් පෙන්වා දුන්නා.
(under the courtesy of nethnews.lk news web)

More News »