කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් දෙහිඅත්ත කණ්ඩියෙන්.. 52ක් නිරෝධායනයට.. ගෝනපිනුවලත් 32ක් නිරෝධායනයට..

2020-07-15 12:24:00       806
feature-top
දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ හමුදා සෙබලූන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ හේතුවෙන් ඔවුන්ට සමීප වූ ආශ්‍රිතයන් 52 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

අදාළ ආසාදිත හමුදා සෙබලුන් දෙදෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ දෙදෙනෙකි.

මේ අතර ගෝනපිනුවල ප්‍රදේශයේ තවත් පුද්ගලයන් 34 දෙනකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

ඔවුන් කොරෝනා ආසාදිතයෙකු ලෙස තහවුරු වූ හබරාදුව ප්‍රදේශයේ පුද්ගලයාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පිරිසකි.

ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය සේවය කළ උපදේශකවරයෙකි.
(under the courtesy of lankacnews.com news web)

More News »