බදුල්ලේ, ගල්කිරියාගම කොරෝනා.. 200කට වැඩි පිරිසක් නිරෝධායනයට..

2020-07-15 12:17:00       807
feature-top
බදුල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් තහවුරු කරගෙන ඇත.

ඔවුන් සියලු දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන හමුදා සාමාජිකයන් තිදෙනෙකි.

ඔවුන් නිවාඩු ලබා තම නිවස්වලට පැමිණ ආපසු සේවයට ගිය අවස්ථාවේ කරන ලද පරීක්‍ෂණවලදී ආසාදිතයන් යයි හෙලි වි ඇත.

ඔවුන් නිවාඩු ලබා සිටියදී සිදුකළ සංචාරකයන්ගේ සමීප ආශ්‍රිතයන් 116ක් නිරෝධායනයට ලක් කර ඇත.

මෙසේ ආසාදිත බව තහවුරු වී ඇත්තේ බදුල්ල කැන්දගොල්ල පස්සර සහ මයියන්ගනය ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයකු ගල්කිරියාගම රණව ප්‍රදේශයෙන් හමු වී තිබේ.

ඔහුද කන්දකඩු පුනරුත්තාපන මද්‍යස්ථානය ආශ‍්‍රිතව හදුනාගත් අයෙකි.

ඔහු සමග සබඳතා පැවැත්වූ එම ප්‍රදේශයේ පුද්ගලයන් සියයකට ආසන්න ප්‍රමාණයක් නිරෝධායන කිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කර ඇත.

මෙම ආසාදිතයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයටද ගොස් ඇතැයි හෙළි වී ඇති නිසා එහි කිහිපදෙනෙකුද මෙසේ නිරෝධයට ලක්කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »