බස්නාහිර පළාතෙන් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 333 දෙනෙකු අත්අඩංගුවට

2020-07-14 10:27:00       813
feature-top
අද අළුයම 05 න් අවසන් වූ ගත වූ පැය 23 ක කාලය තුළ බස්නාහිර පළාතෙන් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 333 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි කි‍්‍රයාත්මක විශේෂ වැටලීම්වලදීයි.

එම වැටලීම්වලදී හෙරොයින් ළග තබාගෙන සිටි සැකකරුවන් 135 දෙනෙකු, ගංජා සන්තකව සිටි සැකකරුවන් 72 දෙනෙකු සහ නීති විරෝධි මත්පැන් බෝතල් 617 ක් සමග සැකකරුවන් 92 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යයාලය සඳහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

More News »