පාතාලය මඩින පොලීසියේ විශේෂ මෙහෙයුම - 2018දී තුවක්කු සමග අත්අඩංගුවට පත් වූ පාතාල සමාජිකයෙකු යළිත් කොටු

2020-07-13 02:53:00       811
feature-top
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාගේ සමීපතමයින් දෙදෙනෙකු හෙරොයින් ග‍්‍රෑම් 05 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මගින් මුල්ලේරියාව උඩුමුල්ල ප‍්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි. සැකකරුවන් අවුරුදු 26 සහ 30 යන වයස් කාණ්ඩවල පසුවන මුල්ලේරියාව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

ඔවුන් අතරින් එක් සැකකරුවෙකු, පසුගිය වසරේ හංවැල්ල ප‍්‍රදේශයේදී පස් ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු බවයි පොලස් මූලස්ථානය සඳහන් කළේ.

අනෙක් සැකකරු 2018 වසරේ පෙතියාගොඩ ප‍්‍රදේශයේදී අත්බෝම්බයක්, රිවෝල්වරයක්, ටී 56 පතොරම් 10 ක් සහ කේරළ ගංජා කිලෝ 02 ක් සමග අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයෙකු වනවා.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මගින් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකයි.
(under the courtesy of nethnews.lk news web)

More News »