ඡන්ද දායකයින් අවධානමක නොදැමීමේ වගකීම අපේක්ෂකයින් සතුයි

2020-07-13 12:43:00       810
feature-top
නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ඉදිරි දිනවල මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවල නියැලීමේදී අපේක්ෂකයින් මෙන්ම මහජනතාව ද ඉතා සැලකිලිමත් අයුරින් කි‍්‍රයා කළ යුතු බව පැෆරල් සංවිධානය පවසනවා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ, සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කළත් නොකළත්, ඡන්ද දායකයින් සෞඛ්‍යමය අවදානමකට ලක් නොවන ආකාරයෙන් කටයුතු කිරීම අපේක්ෂකයින්ගේ වගකීම බවයි.
(under the courtesy of nethnews.lk news web)

More News »