තංගල්ලෙන් ආසාදිතයෙක්.. නගරය පුරා සැරිසරලා.. 12ක් නිරෝධායනයට..

2020-07-13 08:30:00       818
feature-top
කොරෝනා ආසාදිත වූ පුද්ගලයෙක් තංගල්ල පට්ටියපොල ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ.

ඔහුට සමීපව කටයුතු කළ ඥාතීන් ඇතුළු 07 දෙනෙකු සහ වෙළඳසැල් 2ක හිමිකරුවන් ද 12 නිරෝධායනයට ලක් කර තිබේ.

ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ මෙම පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන පුද්ගලයෙකු බවයි.

ඔහු නිවාඩු ලබා පසුගිය පස්වැනිදා තංගල්ලේ නිවසට පැමිණ දින කිහිපයක් නගරයේ සංචාරය කර ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.

ඒ හේතුවෙන් ඔහු සංචාරය කල ස්ථානයන්හි පුද්ගලයන් නිරෝධායනය සදහා යොමු කිරීමේ කටයුතු සිදු වෙමින් ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »