විමල්ගේ වේදිකාවට මුරලිදරන් එක්වෙයි..

2020-07-13 08:28:00       809
feature-top
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංවිධානයේ ජාතික සංවිධායක, ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මහමැතිවරණ විජයග්‍රහණය වෙනුවෙන් දමිල ව්‍යාපාරික ප්‍රජාවගේ හමුවක් කොළඹ කිංස්බරි හෝටලයේදී සංවිධානය කිරීමට හිටපු ප්‍රවීණ ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා කටයුතු යොදා තිබිණි.

මෙම ව්‍යාපාරික හමුව ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව අමාත්‍ය විමල් වීරවංශ මහතා දමිල ව්‍යාපාරික ප්‍රජාව නැඟු ප්‍රශ්න රැසකට පිළිතුරු ලබා දුන්නේය. ඒ මහතා ඇතැම් ගැටලු රජයට ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බව පැවසීය.

මෙම ව්‍යාපාරික හමුවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ සභාපති ජී. රාජේන්ද්‍රන්, පිටකොටුව රෙදිපිළි ව්‍යාපාර හිමියන්ගේ සංගමයේ උප සභාපති බී. ත්‍යාගරාජා පිල්⁣ලේ, රන් ආභරණ වෙළඳුන්ගේ සංගමයේ ලේකම් රත්නරාජා සරවනම්, සිලෝන් හාඩ්වෙයාර් මර්චන්ට් ඇසෝසියේෂන්හි සභාපති, එස්. ටී. එස්. අරුලානන්දන් යන මහත්වරු එක්ව සිටියහ.
(under the courtesy of lankacnews.com news web)

More News »