මාතර සාර්ථකම ජන රැලිය ලක්ෂ්මන් යාපාගෙන් – ජය විජය කරමින් අගමැති මහින්දත් වේදිකාවට!

2020-07-11 08:34:00       815
feature-top
2020 මහ මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයින්ගේ ජය තහවුරු කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන ජන රැලි මාලාවක් අද දිනයේ මාතර දිස්ත්‍රික්කය මුලික කරගෙන පැවැත්වුණු අතර එම රැලි වලින් අති සාර්ථකම ජනතා රැලිය මාතර – මාකඳුර ප්‍රදේශයේ පැවති අතර හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ මුලිකත්වයෙන් එම විජයග්‍රාහී ජන රැලිය සංවිධානය කර තිබු බවයි වාර්තා වන්නේ.
4000කට අධික ජනතා සහභාගීත්වයක් සහිතව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ නිවසේ පැවති මෙම ජන රැලියට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වූ අතර ඔහු එහිදී කියා සිටියේ වැඩ කරන්නට හැකියාව ඇති ශක්තිමත් නායකයෙක් වන ලක්ෂ්මන් යාපා වැනි නායකත්වයක් පත්කරගැනීම ජනතාවගේ යුතුකමක් ලෙසයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එජාපය විකුණා දමන්නට සුදානම් වූ ජාතික සම්පත් නුපන් දරුවන්ගේ මතු අනාගතය වෙනුවෙන් රැකගන්නටත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන ගමනට ශක්තිය ලබා දෙන්නටත් ජනතාව පෙළගැසිය යුතු බවයි. ගමට වැඩක් කල සහ ඉදිරියට වැඩ කරන්නට හැකියාව හා දක්ෂතාවය ඇති අපේක්ෂකයින් දිනවීමට මනාප භාවිතා කරන ලෙස පැවසු අග්‍රාමාත්‍යවරයා මෙවැනි විජයග්‍රාහී ජන රැළියක් සංවිධානය කිරීම පිළිබඳව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට සිය ස්තුතිය පුද කරන ලද අතර මහින්ද රාජපක්ෂ මහතා ලක්ෂ්මන් යාපා මැතිතුමාගේ නිවසේ තේ පැන් සංග්‍රහයකටද එක්වූ අතර මිනිත්තු 30ක පමණ කාලයක සතුටු සාමිචියේ යෙදුනු බවයි වාර්තා වන්නේ…










More News »