මා නිර්මල සුපිරි බෞද්ධයෙක්..- සජිත්

2020-07-11 07:37:00       817
feature-top
මෙරටට එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව ඉතාමත් සුළු අන්තවාදී පිරිසකගේ ප‍්‍රහාරයක් යයි සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් මුළු මුස්ලිම් ප‍්‍රජාවගෙන්ම පලි ගැනීම නුසුදුසු බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගලදී පැවති ජන හමුවක් අමතමිනි.

කාඩ්බෝඩ් බෞද්ධයන් තමන්ට විවිධ ප්‍රහාර එල්ල කරන බවත් ඔහු පැවසූ ඔහු තමන් නිර්මල සුපිරි බෞද්ධයෙක් බවත් රණසිංහ ප්‍රේමදාස ගේ පුත්‍රයා බවත් ඔහු එහිදී කියා සිටියේය.

ත්‍රස්තවාදය ක්‍රියාත්මක ම සියලු දෙනාටම ජාතිය ආගම නොසලකා මරණ දඬුවම දීමට තමන් කටයුතු කරන බවද ඔහු තව දුරටත් පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

More News »