මාධ්‍යවේදියාට දැමූ රංගනයට රංගජීව සමාව අයදියි

2020-07-11 07:29:00       813
feature-top
අලූත්කඬේ උසාවි සංකීර්ණ පරිශ‍්‍රයේ දී මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව, අදාළ මාධ්‍යවේදියාගෙන් අද සමාව ඉල්ලා තිබෙනවා. ඒ, කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.

අදාළ සිද්ධිය තරයේ හෙළා දකින බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වු අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.

මෙම මාධ්‍ය හමුවට එක් වූ රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලූවැව පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ හා අපක්‍ෂපාතී කඩිනම් පරීක්‍ෂණයක් සිදුකරන ලෙස පොලීසියෙන් ඉල්ලා සිිටි බවයි.

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව විසින් තමන්ට අමානුශික ආකාරයෙන් සැළකු බවට චෝදනා කරමින් ඡුායාරූප මාධ්‍යවේදියෙකු විසින් පොලීසියට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
(under the courtesy of nethnews.lk news web)

More News »