කන්දකාඩු මධ්‍යස්ථානයෙන් කොරොනා සමාජගත වීම වලක්වයි…

2020-07-11 05:18:00       813
feature-top
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරොනා වෛරසය සමාජගත වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එහි විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය සඳහන් කරන්නේ එම මධ්‍යස්ථානයේ කොරෝනා පැතිරීම ගැන විශේෂ අවධානයෙන් සිටින බවයි.

එම කඳවුරට සේවාවන් සැපයූ පිරිසක් පිරිසක් බාහිර සමාජයට ගොස් ඇති නිසා ඔවුන් හඳුනාගෙන වෙන් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව ද ඇය පැවසුවාය.

අදාල සැක සහිත පුද්ගලයන් සොයා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ සහ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම් කිහිපයක්ම කටයුතු කරන බවත් මාරවිල ප්‍රදේශයේ නිලධාරිනිය සොයා ගත්තේ ඒ අනුව බවද ඇය කියා සිටියාය.
(under the courtesy of lankacnews.com news web)

More News »