පිටිපනදී T-56 ගිනි අවි දෙකක් සමග පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

2020-07-11 05:16:00       813
feature-top
හෝමාගම පිටිපන ප්‍රදේශයේ පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාෂයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු ටී-56 වර්ගයේ ගිනි අවි දෙකක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගිනි අවි දෙක ඉකුත්දා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පිටිපන ප්‍රදේශයේ දී සොයා ගනු ලැබූ ගිනි අවි හා සම්බ්න්ධතාවයක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම ගිනි අවි ත්‍රස්තවාදී හෝ යම් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් වෙත ආධාර අනුබල දීම සඳහා භාවිතා කර ඇත්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන විමර්ශන කටයුතු සිදුකෙරේ.

(under the courtesy of nethnews.lk news web)

More News »