රුසියාවේ සිට ලාංකිකයින් 266ක් දිවයිනට

2020-07-10 11:55:00       807
feature-top
රුසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 266 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මොස්කව් නුවර  සිට අද (10) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

මෙම ගුවන් මගීන් පිරිස අතර වැඩි පිරිසක් රුසියාවේ උසස් අධ්‍යාපනය ලබා ගැනීම සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන්.

කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පිරිස පැමිණි පසුව, PCR පරීක්ෂණ සදහා යොමු කෙරුණා.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ද අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම ශ්‍රී ලාංකිකයන් එරට රැකියා සදහා ගොස් සිටි පිරිසක්.

ඊට අමතරව අද දින අලුයම 4.10 ට ජපානයේ නරීටා සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානයෙන් ද එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

අද අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයට අයත්  කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් විදේශීය නැවක සේවය කිරීම සදහා විදේශීය නාවිකයන් 24 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
(under the courtesy of nethnews.lk news web)

More News »