"මයි බස්" ඇප් එක දුම්රිය සඳහාත් වැඩිදියුණු කෙරේ

2020-07-10 09:09:00       807
feature-top
බස් රථ මගීන්ගේ පහසුව සඳහා හදුන්වා දුන් ජංගම දුරකතන යෙදවුමට ඉදිරියේදී දුම්රිය ගමන් පිළිබද තොරතුරුද අන්තර්ගත කිරීමට පියවර ගන්නා බව මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය පවසනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ ඉදිරි මාසයක් ඇතුළත දුම්රිය සඳාහාත් මෙම "මයි බස්" ඇප් එකම වැඩි දියුණු කිරීම සිදු වෙනු ඇති බවයි.

මගී ප‍්‍රවාහන සේවා පහසු කිරීමේ අරමුණින් බස් රථ සදහා ජංගම දුරකතන යෙදුමක් ඉකුත්දා හදුන්වා දුන්නා. පළමු අදියර යටතේ ඊට ඇතුළත් කර ඇත්තේ අන්තර් පළාත් බස් රථ සම්බන්ධ තොරතුරුයි. බස් රථ කාලසටහන, බස් රථය ගමන් ගන්නා ස්ථානය, බස් ගාස්තුව ආදී මගී ජනතාවට අවශ්‍ය පහසුකම් රැසක් මෙම ජංගම දුරකතන යෙදුමට ඇතුළත්.
(under the courtesy of nethnews.lk news web)

More News »