පොහොට්ටුවට එක්වන්නැයි එජාපයට අගමැතිගෙන් ආරාධනා..

2020-07-10 06:41:00       806
feature-top
මෙවර මැතිවරණයේදි ජයග්‍රහණය කරන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණත් සමඟ එක්වන ලෙස අතරමං වී සිටින එජාප පාක්ෂිකයින්ට ආරාධනා කරන බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ දැදිගම ප්‍රදේශයේ පැවති  හමුවක් අමතමිනි.

සිරිකොත අල්ලන පක්ෂයට නොව ආණ්ඩු බලය අල්ලන පක්ෂයට මෙවර මැතිවරණයේදි තම වටිනා ඡන්දය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ මෙවර මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද යන වග රටේ ජනතාව දැනටමත් දන්නා බවයි.

මෙවර මැතිවරණය ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය තහවුරු කරගත් පසු ජනාධිපතිවරයාගේ සෞභාග්‍යfha දැක්ම ප්‍රතිපත්ති මාලාව හරහා පසුගිය යහපාලන සමයේ අඩාල වූ රටේ සංවර්ධන ක්‍රියාදාමය යළි ක්‍රියාත්මක කරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත්,තාරක බාලසූරිය යන මහත්වරු ඇතුළු මෙවර මහ මැතිවරණයට තරඟ කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක අපේක්ෂිකාවන් ද සහභාගි වූහ.
(under the courtesy of lankacnews.com news web)

More News »