රිෂාඩ් බදියුදීන් තවමත් සී.අයි.ඩීයේ - රඳවාගෙන පාස්කු ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්න කෙරේ

2020-07-09 09:53:00       814
feature-top
ප‍්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් තවදුරටත් එහි රැඳී සිටිනවා. (19:30)

හිටපු අමාත්‍යවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ අද පෙරවරු 11 යි 30 ට පමණයි. ඒ, පාස්කු ඉරුදින එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශයක් ලබාදීම වෙනුවෙන්.  

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවනවිටත් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ.

(under the courtesy of nethnews.lk news web)

More News »