පාසැල් ළමුන් ප්‍රවාහනය කිරීමට ගෙන්වන බස්රථ සදහා සීමාවක්

2020-07-09 07:05:00       815
feature-top
පාසැල් ළමුන් ප‍්‍රවාහනය කිරීමේ අරමුණීන් ඉදිරියේදී බස්රථ ආනයනය කෙරෙන විට කහ පැහැති බස්රථ පමණක් ආනයනය කිරීමට මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර සහ පාසැල් ළමුන් ප‍්‍රවාහනය කෙරෙන වාහන සංගම් මෙන්ම පොලිස් නිලධාරීන් පිරිසක් අතර පැවැති සාකච්ඡුාවකදී අමාත්‍යවරයා මේ බව පැවසූ බවයි එම අමාත්‍යංශය පැවසුවේ.

මාර්ගවලදී සෙසු වාහන රියදුරන්ට, පාසැල් දරුවන් ප‍්‍රවාහනය කෙරෙන වෑන්රථ පහසුවෙන් හඳුනා ගැනීම සඳහා මෙම පියවර ගෙන තිබෙනවා.

කෙසේවෙතත් නිවේදනයක් නිකුත් කරමින් මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය ඊයේ පැවසුවේ පාසැල් සිසුන් ප‍්‍රවාහනය කෙරෙන වෑන්රථ සඳහා කහ වර්ණය පමණක් භාවිත කිරීම අනිවාර්යය කිරීමට තීරණය කළ බවයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ වාර්තාවීමත් සමග පාසල් වෑන් රථ සංගම් අදාළ තීරණයට දැඩි විරෝධයක් එල්ල කළා. කෙසේවෙතත් යලිත් නිවේදනයක් නිකුත් කරමින් මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය පසුව සඳහන් කළේ කහ වර්ණය අදාළ වන්නේ පාසැල් ළමුන් ප‍්‍රවාහනය කිරීමේ අරමුණින් ඉදිරියේදී ආනයනය කෙරෙන බස්රථ සඳහා පමණක් බවයි.

පාසැල් ළමුන් ප‍්‍රවාහනය කෙරෙන වෑන් රථ සඳහා ද කහ වර්ණය ගැන්වීම අනිවාර්යය කිරීමට තීරණය කළ බව පැවසුවේ අතපසුවීමකින් බව ද එම අමාත්‍යංශය පසුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණා.

(under the courtesy of nethnews.lk news web)

More News »