කොරෝනා ආසාදනය වූ රැඳවියාගෙන් බන්ධනාගාරයට මෙතෙක් බලපෑමක් නැහැ

2020-07-09 07:02:00       816
feature-top
නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ බවට ඉකුත් දා හඳුනා ගැනුණු වැලිකඩ බන්ධනාගාර රැඳවියා ඇසුරු කළ පොළොන්නරුව ප‍්‍රදේශයේ 11 දෙනෙකුගේ PCR පරීක්ෂණ ද මේවනවිට සිදුකර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

ඔවුන් කිසිවෙකුටත් නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව එම PCR පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වී ඇති බවයි ඔහු පැවසුවේ.

වැලිකඩ බන්ධනාගාරයේ සිට දිවයිනේ පිහිටි සෙසු බන්ධනාගාර වෙත යොමු කෙරුණු රැඳවියන් 150 කගේ පමණ PCR පරීක්ෂණ අද සිදුකෙරෙන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර ඉකුත් 07 වනදා සහ ඊයේ දිනයේදී PCR පරීක්ෂණ සිදුකළ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් 174 දෙනා සහ බන්ධනාගාර නිලධාරීන් 141 දෙනාගෙන් කිසිවෙකුටත් නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව ද මේවනවිට තහවුරු වී ඇති බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප‍්‍රකාශ කළේ. 

(under the courtesy of nethnews.lk news web)

More News »