කටුනායක ගුවන් තොටුපළට නව වෛද්‍ය රසායනාගාරයක්

2020-07-09 07:01:00       807
feature-top
කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට නොමිලේ පී.සී.ආර්.පරීක්ෂණ සිදු කර ගැනීමට සහ ඒවායේ ප‍්‍රතිඵල නිකුත් කිරීමට නවතම වෛද්‍ය රසායනාගාරයක් එම පරිශ‍්‍රය තුළම විවෘත කර තිබෙනවා.

අනුක ජීව විද්‍යා රසායනාගාරය ලෙස නම් කර ඇති එය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත  භාරදීම අද උදෑසන සිදුකෙරුණා.

එම රසායනාගාරය තුළ ඡුක්‍ඍ පරීක්ෂණ යන්ත‍්‍ර 02 ක්, න්‍යෂ්ටික අම්ල වෙන්කර ගැනීමේ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 02 ක් සහ ආරක්ෂිත කැබිනෙට්ටු 03 ක් ද ස්ථාපිත කර තිබෙනවා.

මෙම රසායනාගාරය තුලදී දිනකට ගුවන් මගීන් 500 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකළ හැකි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ. 

(under the courtesy of nethnews.lk news web)

More News »