ප්‍රචාරක සීමා ගැන මැතිවරණ කොමිසමෙන් උපදෙස් මාලාවක්

2020-07-08 07:51:00       814
feature-top
අගෝස්තු මස 05 වන දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළව මැතිවරණ ප‍්‍රචාරක සීමා සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

මෙම උපදෙස් මාලාවේ ඇතුළත් මැතිවරණ නීති කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසයි මැතිවරණ කොමිසම පොලීසියට දැනුම් දී ඇත්තේ.

මෙම උපදෙස් මාලාවට අනුව මැතිවරණ ප‍්‍රචාරණ කටයතු සඳහා ගෙයින් ගෙට යාම පෙරවරු 07 සිට රාතී‍්‍ර 08 දක්වා සීමාකර තිබෙනවා.

අපේක්ෂකයින් ගමන් ගන්නා රථයේ දැන්වීමක්, ස්ටිකර් හෝ කොඩියක් ප‍්‍රදර්ශනය කළ හැකි අතර වෙනත් කිසිඳු රථයකට ඊට අවසර හිමිවන්නේ නැහැ. ආගමික ස්ථාන හෝ ආගමික වැඩසටහන් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා යොදා නොගත යුතු බවද මෙම උපදෙස් මාලාවේ දැක්වෙනවා.

එමෙන්ම සියලූ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අගෝස්තු 02 වනදා මධ්‍යම රාතී‍්‍ර 12 න් අවසන් කළ යුතුයි. මැතිවරණ ප‍්‍රථිඵල නිකුත් කර දින 07 ක් ගතවන තුරු කිසිඳු ප‍්‍රසිද්ධ රැස්වීමක් නොපැවැත්විය යුතු බව ද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ උපදෙස් මාලාවේ වැඩිදුරටත් සඳහන්.

මෙම මැතිවරණ නීති උල්ලංඝණය කරන පුද්ගලයින්ට එරෙහිව වහාම නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසයි වැඩලබන පොලිස්පති සී ඞී වික‍්‍රමරත්න සියලූ පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත්තේ.
(under the courtesy of nethnews.lk news web)

More News »