අසනීපවී ගොඩබිමට රැගෙන එමින් සිටි පිලිපීන ජාතික නාවිකයා ජිවිතක්ෂයට : වෛද්‍යවරයෙක් ඇතුළු පිරිසක් නිරෝධායනයට

2020-07-08 07:50:00       817
feature-top
ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු නෞකාවක සේවය කළ පිලිපීන ජාතිකයෙකු හදිසියේ රෝගාතුර වීම නිසා ඔහුව රෝහල් ගත කිරිම සඳහා ටග් යාත්‍රාවකින් ගාල්ල වරාය වෙත රැගෙන එමින් සිටියදී අද (08) පස්වරුවේ මියගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසනවා.

ඩුබායි වරායේ සිට තායිවානය බලා යාත්‍රා කරමින් තිබු මෙම නෞකාවේ තුන්වැනි නිලධාරියා වන හදිසියේ අසනීපවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් ඉකුත් 01 වෙනිදා නැව් නියෝජිත ආයතනයට දැනුම් දීමෙන් අනතුරුව එම පිලිපීන ජාතිකයාව රෝහල් ගත කිරිම සඳහා එම ආයතනය ටග් යාත්‍රාවකින් එහි කාර්ය මණ්ඩලය සහ වරාය අධිකාරියේ සේවකයෙකු පිටත්ව ගොස් ඇත.

නෞකාවෙන් එම රෝගියාව ටග් යාත්‍රාවට ගෙන යලි ගාල්ල වරාය කරා රැගෙන එමින් සිටියදී ඔහු මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පිලිපීන ජාතිකයාව රෝහල් ගත කිරිමට ගාල්ල වරාය පරිශ්‍රය තුල ගිලන් රථයක් ද ඒ වන විට සුදානම් කොට තිබුණා.

මියගිය පිලිපීන ජාතිකයා 52 හැවිරිදි වියේ පසුවූ අතර ඔහු දැඩිලෙස දියවැඩියා රෝගයෙන් පෙලි ඇති බවට කරුණු අනාවරණයවී තිබෙනවා.

ටග් යාත්‍රාවේ ගමන් කළ කාර්ය මණ්ඩලය සහ වෛද්‍යවරයා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම පිලිපීන ජාතිකයාව රැගෙන ඒමට ගොස් තිබුනත් ඔවුන්ව නිරෝධායනයට යොමු කොට PCR පරීක්ෂණ වලට ලක් කිරිමට නියමිතව ඇත.

මියගිය පිලිපීන ජාතිකයාගේ දේහයෙන් ද PCR පරීක්ෂණ සිදුකිරිම සඳහා ජෛව සාම්පල් ලබා ගැනීමට නියමිත බවත් ඔහුගේ මෘත දේහය කොවිඩ් 19 වසංගත නිරෝධායන නීතින්ට අනුව කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට නියමිතව ඇත.
(under the courtesy of nethnews.lk news web)

More News »