මෙරට ප්‍රථම සජීවි නිවුන් අලි පැටවුන් මින්නේරියෙන්

2020-07-08 02:35:00       808
feature-top
මෙරට පළමු සජීවී නිවුන් අලි පැටවුන් දෙදෙනා මින්නේරිය ජාතික වනෝද්‍යානයෙන් සොයා ගෙන තිබෙනවා.

මෙම නිවුන් අලි පැටවුන් දෙදෙනාගේ වයස සති 04 ක් පමණ වන බවයි වනජීවී දෙපාර්තමේන්තුවේ වෛද්‍ය තාරක ප‍්‍රසාද්  පැවසුවේ.

මෙම අලි පැටවුන් දෙදෙනාම එකම කෙනරකගෙන් කිරිඋරා බොමින්, ඇය ඇසුරේම ගැවසීම හේතුවෙන් එම සතුන් දෙදෙනා සජීවී නිවුන් අලි පැටවුන් බව නිරීක්ෂණ වී තිබෙනවා.

 මේ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා ඉදිරියේදී ජාන පරීක්ෂණයක් ද සිදුකිරීමට නියමිත බවයි වනජීවී දෙපාර්තමේන්තුව පැවසුවේ.
(under the courtesy of nethnews.lk news web)

More News »