ආසාදිතයා සමග ඇසුරු කල බන්ධනාගාර රැදවියන් තවත් තිදෙනෙක් රෝහලට.. තවත් සියයක් නිදහස ලබා ගෙවල්වලට ගිහින්..

2020-07-08 11:20:00       812
feature-top
වැලිකඩ බන්ධනාගාරයෙන් හදුනාගත් කොරෝනා ආසාදිත රැඳවියා රඳවා සිටි වාට්ටුවේ සිටි තවත් සිරකරුවන් දෙසීයකට ආසන්න පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල ඊයේ රාත්‍රියේ යොමුකර තිබේ.

ඔවුන් බස්රථ හයකින් යුද හමුදා ආරක්ෂාව යටතේ පුනානි නිරෝධායනය මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් ඇත.

ඔවුන් නිරෝධායනය කිරීමට නියමිත ඇත්තේ යුධ හමුදා ආරක්ෂාව මැදයි.

එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ ඔවුන් සමග සමීපව කටයුතු කළ නිලධාරීන් නව දෙනෙකු ද නිරෝධායනයට යොමු කර ඇත.

අදාල ආසාදිතයා සමඟ එම වාට්ටුවේ රැඳී සිටී රැඳවියන් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව තොරතුරු රැස්කරමින් සිටී.

එම වාට්ටුවේ රැඳවියන් සිය දෙනෙකු පමණ නිදහස හිමි වී නිවෙස් බලා පිටත්ව ගොස් ඇති අතර තවත් අට දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා ඇත.

ඒ අතරින් මොනරාගල බන්ධනාගාරයට මාරු කළ පිරිසේ 03 දෙනෙකු අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

මේ අතර බන්ධනාගාරයේ රැඳවියන් සහ නිලධාරීන් 213කුට සිදුකරන පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ ඔවුන්ට වෛරසය ආසාදනය වී නැති බවයි.
(under the courtesy of lankacnews.com news web)

More News »