17 වන නාකොටික් නිලධාරියාත් CID අත්අඩංගුවට

2020-07-08 08:39:00       811
feature-top
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනියුක්තව සේවය කරන තවත් නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කළේ රාගම ප්‍රදේශයේදී පදිංචි පොලිස් කොස්තාප්ල්වරයෙක්ව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ වන විට ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ප්‍රශ්න කරමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනියුක්තව සේවය කළ නිලධාරින් 17 දෙනෙක් සහ සිවිල් පුද්ගලයින් 03 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත
(under the courtesy of nethnews.lk news web)

More News »