අණ නොතකා ධාවනය කළ තී‍්‍ර රෝද රථයකට වෙඩි

2020-07-07 03:24:00       811
feature-top
අනුරාධපුර - පුත්තලම ප‍්‍රධාන මාර්ගයේ රාජාංගනය 27 හංදිය අසලදී අණ නොතකා ධාවනය කළ තී‍්‍රරෝද රථයකට පොලීසිය වෙඩි තබා තිබෙනවා.

පළාගිය තී‍්‍ර රෝද රථය එම ප‍්‍රදේශයේ අතුරු මාර්ගයක තිබී සොයා ගැනුනු බවයි පොලීසිය පැවසුවේ.

එම අවස්ථාවේදී එහි කිසිවෙකු නොසිටි බව ද පොලීසිය සඳහන් කළා. කිසියම් අපරාධයක් සිදුකිරීමට හෝ අපරාධයක් සිදුකර පළායමින් සිටි පිරිසක් මෙම තී‍්‍ර රෝද රථයේ සිට ඇත්දැයි යන්න පිළිබඳ විමර්ශන කි‍්‍රයාත්මකයි.
(under the courtesy of nethnews.lk news web)

More News »