ලමා නිවාසයක දැරියක් ගෙල වැලලාගෙන මිය යයි..

2020-07-06 01:08:00       814
feature-top
වව්නියාව කෝවිල්කුලම් ප්‍රදේශයේ පවත්වාගෙන යන ළමා නිවාසයක සිටි 17 හැවිරිදි දැරියක් ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.

අදාල දැරිය ළමා නිවාසයේ සිටියදී  ඊයේ රාත්‍රියේ ආහාර ගැනීම සඳහා සොයා බලන අවස්ථාවේ දැරිය නොසිටීමෙන් පරික්ෂා කර බැලීමේදී ළමා නිවාසයේ පිහිටි නානකාමරයක් තුලදී ළණුවක් ආධාරයෙන් ගෙල වැලලාගෙන ඇති බවට ළමා නිවාසයේ පාලිකාවන් අනාවරනය කර ගැනීමෙන් පසුව මේ බව වව්නියාව පොලීසියට දැනුම් දී ඇත.

මෙසේ සියදිවි හානි කොට ගෙන ඇත්තේ 17 හැවිරිදි රාජි සෙල්වරාණි නැමති දැරියක් වන අතර දැරිය සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මිය ගිය දැරියගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්සණය වෙනුවෙන් වව්නියාව මහරෝහලේ තැන්පත් කොට ඇති අතර වැඩිදුර පරික්ෂණ කටයුතු වව්නියාව පොලීසිය විසින් සිදු කරයි.
(under the courtesy of lankacnews.com news web)

More News »