රටම හොල්ලන ප‍්‍රවෘත්තියක් දෙන බවට පාතාලයෙන් තර්ජන..

2020-07-05 11:21:00       815
feature-top
මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාල ක්‍රියාකාරකම් ගැන තොරතුරු හෙළි කිරීම නතර කරනැයි දන්වමින් අරුණ පුවත්පත් කාර්යාලයද තර්ජනාත්මක ඇමතුම් ලැබෙන ලැබෙමින් ඇති බව වාර්තා වෙයි.

අදාළ තොරතුරු හෙළි කිරීම වහා නතර නොකළහොත් එම පුවත්පතට තොරතුරු සපයන මාධ්‍යවේදීන් දෙදෙනෙකු නිහඬ කරන බව ද විදේශ රටක සිට දුරකතන ඇමතුමකින් දැනුම් දී ඇත.

ඊට අභියෝග කළ හොත් රට හොල්ලන ප්‍රවෘත්තියක් සති දෙකක් ඇතුළත ලබා දෙන බවද එම ඇමතුම් කරුවන් විසින් තර්ජනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඒ පුවත්පතේ බලධාරීන් විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »