උතුම් ඇසළ පොහොය අදයි

2020-07-04 08:47:00       810
feature-top
සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

මේ, ඇසළ පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම පිළිබඳ කරුණු පැහැදිලි කළ ශාස්ත‍්‍රපති පූජ්‍ය පිටිගල ධම්මවිනීත ස්වාමීන් වහන්සේ සඳහන් කළේ බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව මිගදායේදි දේශනා කළේ ඇසල පුර පසළොස්වක පොහො දිනක බවයි.

ශ්‍රී ලාංකික ජනයා වශයෙන් දළදා පෙරහැර අරඹන්නේද ඇසළ පොහෝ දින බවත් උන්වහන්සේ සඳහන් කළා.

පවත්නා තත්ත්වයන් යටතේ සෞඛ්‍යාරක්ෂිතව ආගමික කටයුතුවල නිරත වන ලෙස ද ශාස්ත‍්‍රපති පූජ්‍ය පිටිගල ධම්මවිනීත හිමියන් සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටියා.
(under the courtesy of nethnews.lk news web)

More News »