එන්න එපා කියද්දිත් මහේල ආපු හේතුව මෙන්න

2020-07-03 02:52:00       814
feature-top
ප‍්‍රකාශයක් ලබාදීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ක‍්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත අද (03) පෙරවරුවේ පැමිණියා. එහෙත් ඔහුගෙන් අද ප‍්‍රකාශයක් සටහන් කර ගෙන තිබුණේ නැහැ.

ඒ සම්බන්ධයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන කියා සිටියේ "විමර්ශන අංශයෙන් මට මගේ නීතිඥවරු හරහා මුලින් දැනුම්දීලා තිබුණා අද දවසේ ප්‍රකාශයක් කරන්න කියලා. ඊයේ (02) රෑ 11.30ට විතර මට කෝල් එකක් දීලා කිව්වා දැනුම් දුන්නා අද දවසේ එන්නෙ නැතුව තව දිනයක් මට ලබා දෙන්නම් කියලා.  නමුත් අද උදෑසන සමහර මාධ්‍යවල පළ වී තිබුණා මම දැනුම් දුන්නා කියලා...පෞද්ගලික හේතු නිසා මම විමර්ශනවලට එන්නෙ නෑ කියලා. ඒ හින්දා තමයි මම අද උදෑසන ඔවුන්ට දැනුම්දීලා මෙතනට ආවේ. මම කොයිම වෙලාවකවත් එහෙම කියලා නෑ.. ක්‍රිකට්වලට මම ගොඩාක් ආදරෙයි. මට වගකීමක් තිබෙනවා විමර්ශනවලට අවශ්‍ය දේවල් ලබා දෙන්න.
" යනුවෙනි.

මෙලෙස මහේල ජයවර්ධන කැඳවා තිබුණේ 2011 ලෝක කුසලාන අවසාන මහ තරගය පාවා දුන් බවට හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාලවයි.
(under the courtesy of nethnews.lk news web)

More News »