මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවට ඇල්ලු නාකොටික් නිලධාරීන් 12 දෙනා රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

2020-07-02 08:44:00       813
feature-top
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (02) අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ  පොලිස් නිලධාරීන් 12 දෙනා ලබන 8 වැනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර පොලිස් පරීක්ෂකවරයෙක්, උප පොලිස් පරීක්ෂකවරයෙක් ද සිටින බවයි වාර්තා වන්නේ.

මෙරට ඉතිහාසයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසකට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා එල්ලවූ පළමු අවස්ථාව මෙය වනවා.

නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම පොලිස් නිලධාරීන්ව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කිරිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පියවර ගනු ලැබූ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 16 දෙනෙකු සහ සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

More News »