සංගා කියන්නේ ජාතික සම්පතක්. අපේ ක්‍රිකට් ක්‍රීඩකයොත් එක්ක බලද්දි මහින්දානන්දලා, තිලංගලා මොනවද රට වෙනුවෙන් කරලා තියෙන්නෙ ?

2020-07-02 08:41:00       814
feature-top
2011 ලෝක කුසලානයේ අවසන් තරඟය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් අපහසුතාවයට පත් කිරීම සම්පූර්ණයෙන්ම හෙලා දකින බවට සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතීඥ එරන්ද වැලිඅංගේ පවසනවා.

ජන හමුවක් අමතමින් ඔහු වැඩිදුරටත් මෙලෙස අදහස් පලකලා.

"කුමාර සංගක්කාර මහතා ශ්‍රී ලංකාවේ නම බබළවපු කෙනෙක්. ඔහු අපේ නම ලෝකයටම අරගෙන ගියා.ඔහු කරපු සේවය එක්ක බලද්දි මහින්දානන්දලා,තිලංග සුමතිපාලලා මොනවද අපේ රටට කරලා තියෙන්නෙ? ඒ නිසා අපි කවුරුත් පක්ෂ භේදයකින් තොරව පිලිගන්න දෙයක් තමයි කුමාර සංගක්කාර කියන චරිතය අපේ රටේ ඉන්න ජාතික සම්පතක්.

ඉන්දියාවේ සව්රව් ගංගුලි සහ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර ICC තනතුරු සඳහා ඉදිරිපත් වෙනවා කියලා සමාජ මාධ්‍යයන්ගෙන් කියවෙනකොටම එක පාරටම මෙහෙම චෝදනාවක් එනවා අවුරුදු ගානකට පස්සෙ. ඇත්තටම ආණ්ඩුවේ සමහරු මේ ඉටු කරන්නෙ ඩොලර් කුට්ටි අරගෙන ඉන්දියාවේ කොන්ත්‍රාත්තුවක්ද කියලා සැකයක් තියෙනවා."

(under the courtesy of nethnews.lk news web)

More News »