MCC බිය දැන් ඉවරයි.. MCC ගිවිසුම ගැන ඇමරිකාව කියූ බොරු මෙන්න…

2020-07-01 09:22:00       331
feature-top
පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

සහශ්‍ර අභියෝගතා සංයුක්ත ගිවිසුම නැතිනම් එම්සීසී ගිවිසුම පිළිබඳ ඇමති මණ්ඩලය පත් කළ සමාලෝචන කමිටුවේ වාර්ථාව දැන් එළි දක්වා තිබෙනවා. ඒ වාර්ථාවට අනුව එම්සීසී සම්බන්ධයෙන් ඩොලර් මිලියන 10ක් දැනටමත් භාණ්ඩාගාරයට ගෙවන්න ගිවිසුම් ගත වෙලා. නමුත් ඒ මුදල් දුන්නා ද? දුන්නා නම් ඒ මුදල් වලට මොකද වුණේ කියා තොරතුරු සැපයීමට භාණ්ඩාගාරය අසමත් වෙලා. මේ පිළිබඳ අදහස් දක්වමින් ඇමෙරිකානු තානාපති කාර්යාලය කියන්නේ ඩොලර් මිලියන 480ක එම්සීසී ප්‍රදානයට අදාළව කිසිම මුදලක් ලංකාණ්ඩුවට දීලාත් නෑ, ලංකාණ්ඩුව වියදම් කරලාත් නෑ කියා.

ඒක ඇත්තක් නම් ඇමෙරිකාව විසින් සිදුවීම් දෙකක් පැහැදිලි කළ යුතුයි. 2017 ජූලි 27 දින එම් සී සී ආයතනය විසින් එම්සීසී ගිවිසුම සැකසීමට සහ ව්‍යාපෘති හඳුනා ගැනීමට අවශ්‍ය වියදම් ලෙස ඩොලර් මිලියන 7.4ක් ලබා දීම සඳහා ගිවිසුම් ගත වුණා නේද? මේ ඡායාරූපයෙන් පෙන්වන්නේ එම්සීසී ආයතනයේ කලාපීය නියෝජ්‍ය උප සභාපති ෆාතිමා සුමර් සමග භාණ්ඩාගාර ලේක්ම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග ගිවිසුම අත්සන් කළ ආකාරයයි. මී ළඟට 2018 ජූනි 13 දින එම්සීසී ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ කැරලින් න්ගුයෙන් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය සමරතුංග සමග එම්සීසී පෙර සූදානම් කටයුතු සඳහා ඩොලර් මිලියන 2.7ක ප්‍රදානයක් ලබා දීමට තවත් ගිවිසුමක් අත්සන් කරනවා. මේ ඡායාරූපයෙන් පෙන්වන්නේ ඒ ගිවිසුම අත්සන් කළ අවස්ථාවයි. ඇත්තටම ඒ මුදල දුන්නේ නැද්ද? මේ මුදල් දුන්නේ නැතිනම් ගිවිසුම අත්සන් කලේ බොරුවට ද? දුන්නා නම් මේ ඩොලර් මිලියන 10ට මොකද වුණේ?

එම්සීසී ගිවිසුමට අනුව පරිපාලන සහ අධීක්ෂණ කටයුතු සඳහා ඩොලර් මිලියන 32ක් වෙන් කරලා තිබෙනවා. මේ ඩොලර් මිලියන 10 දුන්නේ ඒ ප්‍රතිපාදන වලින් නොවේ නම් ඒවා ලැබුණේ කොහෙන්ද? පළමු ගිවිසුම අනුව මුදල් නොලැබුණේ නම් දෙවන ගිවිසුමක් අත්සන් කරන්නේ නෑනෙ. ඒ් නිසා මුදල් ලැබුණු බවට අපට සාධාරණ සැකයක් තිබෙනවා.

ශක්‍යතා අධ්‍යනයේ දී ලර්න් ඒෂියා සහ වෙරිටේ රිර්සච් වැනි එන්ජිඕ වලටත් හාවඩ් විශ්ව විද්‍යාලයටත් විවිධ වාර්ථා සකසන්න භාර දී තිබෙනවා. මේ මුදල් වැය කලේ ඒවාටද? භාණ්ඩාගාරය නම් මේ මුදල් වැය කලේ මෙම ආයතන තෝරා ගත් පදනමක් තිබිය යුතුයි. මුදල් වැය කළ ආකාරය පිළිබඳ ගිණුම් තිබිය යුතුයි.

ඇමති මණ්ඩලය විසින් පත් කළ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් කමිටුව විසින් එම්සීසී ව්‍යාපෘතිය පිළිබඳ ඉතා ගැඹුරු අධ්‍යනයනක් කර තිබෙනවා. ඒ අනුව එම්සීසී ගිවිසුමත් එකී ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පිහිටුවන සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලියත් රටේ නීතියට පටහැනි බව පෙන්වා දී තිබෙනවා. ඒ වගේම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වීමෙන් මතු වන සමාජ, ආර්ථික සහ ආරක්ෂක ගැටළු පිළිබඳ ගැඹුරු විග්‍රහයක් මෙම වාර්ථාවේ අඩංගු වෙනවා. අවසාන වශයෙන් ඇමති මණ්ඩලයට මෙම කමිටුව නිර්දේශ කර තිබෙන්නේ මෙම ගිවිසුම අත්සන් නොකිරීමටයි. එසේ නම් දැන් එම්සීසී ගිවිසුම ඡන්දයෙන් පස්සේ අත්සන් කරන බවට විපක්ෂය ගෙන යන බොරු ප්‍රචාරයට කිසිම පදනමක් නෑ. ඡන්දයට තව මාසයක්ම තිබෙන නිසා දැන් විපක්ෂයට අළුත් බොරුවක් සොයා ගන්න වේවි.

එම්සීසී ගිවිසුම පිළිබඳ මුලින්ම සාකච්ඡා කලේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමගයි කියා ඇමෙරිකාව කියනවා. ඒක පට්ටපල් බොරුවක්. ලංකාව එම්සීසී ප්‍රදානයකට සුදුසුකම් ලබා ඇති බැවින් ඊට අයැදුම් කරන මෙන් ඇමෙරිකාව දැනුම් දෙන්නේ 2004 පෙබරවාරි 11 දින චන්ද්‍රිකා ආණ්ඩුවටයි. 2005 දෙසැම්බර් 8 සහ 2006 දෙසැම්බර් 7 දින එම්සීසී ආයතන විසින් එවකට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට දෙවරක්ම දැනුම් දුන්නත් 2015 ඇමරිකාණු රූකඩ ආණ්ඩුව බලයට එනතුරුම මහින්ද රාජපක්ෂ ලංකාණ්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නෑ.


(under the courtesy of lankacnews.com news web)

More News »