මහ මැතිවරණයේ ප‍්‍රථිඵලය නිකුත් වන දිනය පිළිබඳ කොමිසමෙන් ඉඟියක්

2020-06-30 01:50:00       111
feature-top
එළඹෙන මහ මැතිවරණ ඡන්ද විමසීමේ පළමු ඡන්ද ප‍්‍රථිඵලය අගෝස්තු මස 06 වනදා පස්වරු 04 ට පමණ නිකුත් කිරීමට හැකි වනු ඇතැයි මැතිවරණ කොමිසම පවසනවා.

මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග අද පෙරවරුවේ පැවැති  සාකච්ඡාවකදී එම කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රයගේ මේ බව සඳහන් කළා.

එළඹෙන අගෝස්තු මස 05 වනදා මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත අතර ඡන්ද ගණන් කිරීමේ කටයුතු අගෝස්තු 06 වනදා පෙරවරු 08 ට පමණ ආරම්භ කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති සභාපති මහින්ද දේශපි‍්‍රය වැඩිදුරටත් සඳහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

More News »