05 වැනිදා දිවුරුම් දීමට සජිත් ඇමති ධුර බෙදයි.. R. පේ‍්‍රමදාස දැරූ පූර්ණ ඇමති ධුරය සජිත් පවරා ගනී..

2020-06-30 11:43:00       1760
feature-top
තමන්ට පසුගිය යහපාලන ආණ්ඩුව විසින් ලබාදුන්නේ තම පියා වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් මෙහෙයවන ලද අමාත්‍යාංශයෙන් හයෙන් එකක සුළු කොටසක් බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එළඹෙන පස් වෙනිදා මහමැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු තමන් අගමැති ධුරය භාරගන්නා විට තම පියා විසින් එකල දරන ලද සම්පූර්ණ අමාත්‍යාංශයම තමන් යටතට ගෙන නිවාස ප්‍රශ්නය සම්පූර්ණයෙන් ම විසඳා විප්ලවයක් කරන බව ද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පැවති ජන හමුවක් අමතමිනි.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක මරික්කාර් මහතාට තම ආණ්ජඩුව යටතේ ප්‍රබල ඇමති ධූරයක් ලබාදෙන බවද ඔහු එහිදී කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

More News »