පොලිසිය සමග වෙඩි හුවමාරුවකින් පාතාල සාමාජිකයෙකු මරුට

2020-06-07 10:22:00       806
feature-top
අද (07) අලුයම අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකු සහ පොලිසිය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

මිනුවන්ගොඩ බල්ලපාන ප්‍රදේශයේ නිවසක මෙම සැකකරු සැඟව සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුව කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සහ පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී සැකකරු විසින් පොලිස් නිලධාරීන් හට වෙඩි තැබීමක් සිදු කර තිබුණා.

එහිදී පොලිස් නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමකින් සැකකරු තුවාල ලබා දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමේන් පසු සැකකරු මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ ගොනාකෝවිලේ රාජා නැමැත්තෙක්.  සැකකරු වයස අවුරුදු 50ක් වන සැකකරු රත්මලාන, මොරටුව ප්‍රදේශවල මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යකරන සැකකරුවෙකු බවත් ඔහු විවිධ නම්වලින් පෙනී සිටි අයෙකු බවත් හඳුනාගෙන තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

More News »