ශී‍්‍ර ලංකාවට පැමිණෙන්නන්ට නොමිලේ පී සී ආර් කිරීමට ලෙබනනය එකග වෙයි

2020-06-06 09:26:00       784
feature-top
මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් ලෙබනනයේ රැඳී සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් සඳහා පී සී ආර් පරීක්ෂණ එරටදීම නොමිලේ සිදුකිරීමට ලෙබනනය එකඟතාව පළකර තිබෙනවා. ලෙබනනයේ ශ‍්‍රී ලංකා තානාපති ශානි කරුණාරත්න එරට කම්කරු අමාත්‍යවරිය සමඟ කළ සාකච්ජාවකදීයි මෙම එකඟතාව ඇති වී තිබෙන්.

ලෙබනනයේ දී පී සී ආර් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා සාමාන්‍යයෙන් අමරිකානු ඩොලර් 100ක් අය කෙරෙනවා. ශ‍්‍රී ලාංකිකයන් සඳහා ඇමරිකානු ඩොලර් 20 ක සහන මිලකට පී සී ආර් පරීක්ෂණය සිදුකළ හැකි බවයි එරට රජය ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත මීට පෙර දැනුම් දී තිබුණේ. කෙසේ වෙතත් තානාපතිවරිය සමග කළ සාකච්ජාවේ දී එම අයකිරීම ද ඉවත් කිරීමට ලෙබනනයේ කම්කරු අමාත්‍යවරිය එකඟ වී තිබෙනවා.

සංචාරක ශ‍්‍රමිකයන් ලෙස ලෙබනනයට ගිය 300ට ආසන්න ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් යළි මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බවයි වාර්තා වුණේ. කොවිඞ් 19 වසංගතය හේතුවෙන් ඔවුන්ට රැකියා අහිමිවී ඇතැයි ද වැටුප් ගැටලූ හා සෞඛ්‍ය ගැටලූ වලට ඔවුන් මුහුණ දී සිටින බවද වාර්තා වුණා. ලෙබනනයේ කම්කරු අමාත්‍යවරිය සමග කළ සාකච්ජාවේ දී තානාපති ශානි කරුණාරත්න මේ සම්බන්ධයෙන් ද අවධානය යොමුකර ඇති අතර ඒ අනුව එම ගැටලූ සම්බන්ධයෙන් ද සොයා බලන බවයි කම්කරු අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත්තේ. 

(under the courtesy of nethnews.lk news web)

More News »