KP අල්ලන් ආවා වගේ අර්ජුන් මහේන්ද‍්‍රන් අල්ලන් එන්න සූදානම්.. හිටපු ජනපතිගේ අත්සන් 21,000 ලෝක වාර්තාවක්…

2020-06-02 05:32:00       794
feature-top
කොටි සංවිධානයේ ප‍්‍රබගයෙක්ව සිටි KP විදේශයක සැගවී සිටියදී මෙරටට ගෙන ආ ආකාරයෙන්ම අර්ජුන් මහේන්ද්‍රන්ද මෙරටට ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඒ සදහා වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක වන බව දැනගෙන අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විටත් තම නම පවා වෙනස් කරගෙන ඇතැයිද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

අර්ජුන් මහේන්ද්‍රන් මෙරට ගෙන ඒම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් 21,000 ගැසූ බවට කළ ප්‍රකාශය ගැන අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ එවන් කටයුත්තක් කලේ නම් එය ගිනස් වාර්තාවක් ඇති බවයි.
(under the courtesy of lankacnews.com news web)

More News »