සති අන්තයේ ඇදිරි නීතියත් ඉවතට..

2020-06-02 05:30:00       792
feature-top
සති අන්ත දිනවල දිනය පුරා ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය මේ සතියේ සිට ඉවත් කරනු ඇති  බව රජයේ ආරංචි මාර්ග කියයි.

මෙරට තුළ කොරෝනා ව්‍යාප්තිය පාලනය වී ඇති නිසා මෙම තීරණය ගැන රජය සලකා බලමින් සිටී.

මෙතෙක් මුළු දිවයින පුරා ඇඳිරි නීතිය ආකාරය සති අන්තයේ දිනවල ක්‍රියාත්මක කිරීමට හේතු වූයේ සති අන්තයේ ජනතාව එක්රැස් වීම වැළැක්වීමටයි.

නමුත් කොරෝනා ව්‍යාප්තිය මේ වනවිට පාලනය වී ඇති බව පෙනී යන නිසා සති අන්තයේ ඇඳ නීතිය පැවැත්වීමේ අවශ්‍යතාව ඇති බව රජයට බොහෝ අංශ විසින් පෙන්වාදී ඇත.

කෙසේ නමුත් පොසොන් පොහොය උත්සවයේදී ජනතාව ඒකරාශි වීම වැලැක්වීමට 4 සහ 5 දෙදින තුළ ඇඳිරි නීතිය දවස පුරා පැනවීමට රජය කටයුතු කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »