සමාජජාලාවන්ගේ අසත්‍ය පුවතක් - හිටපු ඇමති තොණ්ඩමන්ගේ දියණිය, පියාගේ අවමගුලට සහභාගි වූයේ නැහැ

2020-06-02 02:21:00       791
feature-top
අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු සදහා ඔහුගේ දියණිය සහභාගි නොවූ බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කරනවා.

ඒ, සමාජ මාධ්‍ය තුළ පැතිර යන ඡායාරූපයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්. විදේශගතව සිට පැමිණි ඇය නිරෝධායනය නොවී අවසන් කටයුතු සිදුවූ අවස්ථාවට සහභාගි වූ බවටයි ඇතැම් පිරිස් චෝදනා කළේ.

එහෙත් ඇය තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බවයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත කියාසිටියේ.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පැවසුවේ අවමංගල්‍ය කටයුතු සිදුවූ ආකාරය සහ ඊට සහභාගි වූ පිරිස් නිරෝධායන රීතින් කඩකිරීම කණගාටුදායක බවයි.
(under the courtesy of nethnews.lk news web)

More News »