රටේම අවදානය ගත් කළු කොටියාට පසු තවත් දුර්ලභ ගණයේ දිවියෙක් මරුට

2020-06-02 02:16:00       787
feature-top
දැඩි කතාබහක් ඇති කළ කළු කොටියාගේ මරණය සිදුවී දින 5 ක් තුළ තවත් දුර්ලභ ගණයේ දිවියෙකු මියගිය පුවතක් නෙළුව, හත්පිටිය ප‍්‍රදේශයෙන් අද (02) වාර්තා වනවා.

කළු කොටියාට සේම මෙම දිවියාටද දිවි අහිමි වී තිබුණේ මිනිසෙකු විසින් ඇටවූ මද්දකට හසුවීම හේතුවෙන්.

වනජීවි දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙලෙස මියගොස් ඇත්තේ මෙරටට ආවේණික දුර්ලභ ගණයේ දිවියෙක්.

ශී‍්‍ර ලංකාව තුළ මෙවැනි සත්වයින් සිටින්නේ 2,000 කටත් වඩා අඩු සංඛ්‍යාවක් බවයි වාර්තාවල දැක්වෙන්නේ. මියගොස් ඇති මෙම දිවි විශේෂය වන සංරක්‍ෂණ හා වෘක්‍ෂලතා ආරක්‍ෂණ පනත යටතේ දැඩි ලෙස ආරක්‍ෂිත සත්වයෙකු ලෙස නම් කර තිබෙනවා.

දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ශී‍්‍ර පාද රක්‍ෂිතයේ සැරිසැරූ කළු කොටියා මිය ගියේ  නල්ලතන්නිය, ලක්‍ෂපාන, වාලමලෙයි වත්තේ දී මද්දකට හසුවී තුවාල ලබා සිටියදීයි. ඒ ඉකුත් 29 වැනිදායි. ඒ, තුවාල ලැබූ කළු කොටියා ප්‍රතිකාර සඳහා උඩවලව ඇත් අතුරු සෙවණේ පිහිටි පශු වෛද්‍ය රෝහලට රැගෙන ගොස් ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි.

(under the courtesy of nethnews.lk news web)

More News »