බන්ධනාගාර නිලධාරීන්ට ජනපතිගෙන් රතු එළියක්

2020-06-02 02:12:00       785
feature-top
බන්ධනාගාර හරහා සිදුවන පාතාල කි‍්‍රයාකාරකම් හා අපරාධ මෙහෙයුම් නතර කිරීමට නොහැකි බන්ධනාගාර නිලධාරීන් එම තනතුරුවලින් ඉවත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කරනවා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ බන්ධනාගාර පද්ධතිය වහාම ප‍්‍රතිසංස්කරණය විය යුතු බවයි.

බන්ධනාගාර තුළට ජංගම දුරකතන රැගෙන යාම පවා වැළැක්වීමට නොහැකි නම් එය විහිළුවක් බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

බන්ධනාගාර නිලධාරීන් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පළ කළා. මෙම සාකච්ඡාවේ අරමුණ වූයේ බන්ධනාගාරවල අභ්‍යන්තර තත්ත්වය විමර්ශනය කිරීමයි.
(under the courtesy of nethnews.lk news web)

More News »