මද්දකට හසුවී සිටි දිවියෙකු බේරා ගත් මෙහෙයුම (PHOTOS)

2020-05-31 10:20:00       793
feature-top
යටියන්තොට, සීපෝත් ප්‍රදේශයේ මද්දකට හසුවී සිටි අවුරුදු 5 ක් පමණ වයසැති දිවියකු බේරා ගෙන තිබෙනවා. වනජීවි නිලධාරින්ගේ මැදිහත්වීම මත පැය 6 ක මෙහෙයුමකින් පසුව  මෙම සත්වයා බේරා ගෙන ඇති බවයි වාර්තා වුනේ.

මේ අතර පසුගියදා හැටන්, නල්ලතන්නිය ප්‍රදේශයේදී  මද්දකට හසුව බේරා ගත් කළු කොටියා වනජීවි නිලධාරින් භාරයේ ප්‍රතිකාර කරමින් සිටියදී මියගිය අතර ඒ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට බොහෝ දෙනාගේ චෝදනා එල්ල වුනා.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් වනජීවී අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන ප්‍රකාශ කළේ එම කලූ කොටියා මියගියේ වනජීවී නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා නොව, එම සත්ත්වයා මද්දකට හසුව බරපතල තුවාල ලැබීම හේතුවෙන් බවයි.

කෙසේ වෙතත් එම බසත්වයාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට පියවර ගෙන තිබුණා.
(under the courtesy of nethgossip.lk news web)



More News »