ලංකාවටම කුඩු බෙදන සුසෙයි හා ගෞතම් කොළඹ බන්ධනාගාරයෙන් බූස්සට

2020-05-30 08:25:00       791
feature-top
කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන සුසෙයි සහ ගෞතම්, බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර තිබෙනවා.

කොළඹ අධිකරණයකදී ඔවුන් දෙදෙනාට එරෙහිව සිදු කෙරෙන නඩු විභාගයක් සඳහා ඊයේ ඉදිරිපත් කිරීමෙන් ඔවුන් මෙලෙස බූස්ස බන්ධනාගාරය වෙත මාරු කළ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ඝණයේ අපරාධකරුවන් රඳවා සිටින වාට්ටු සංකීර්ණයේ වෙන් වෙන්ව ඔවුන් දෙදෙනා රඳවා සිටිනවා.

මෙම වාට්ටු සංකීර්ණයේ විශේෂ ඝණයේ අපරාධකරුවන් 50 දෙනෙකුට ආසන්න පිරිසක් රඳවා සිටිනවා.

කංජිපානි ඉම්රාන්, වෙලේ සුදා, පොට්ට නවුෆර් සහ පකිස්තාන ජාතිකයන් 16 දෙනෙකු ද රඳවා සිටින්නේ බූස්ස බන්ධනාගාරයේ විශේෂ ඝණයේ අපරාධකරුවන් රඳවා සිටින මෙම වාට්ටු සංකීර්ණය තුළයි.

(under the courtesy of nethnews.lk news web)

More News »