තොණ්ඩමන්ගේ දේහය අද කොටගලට

2020-05-30 08:21:00       792
feature-top
අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද පෙරවරුවේ කොටගල පිහිටි ලංකා කම්කරු කොංග‍්‍රසයේ මූලස්ථානය වෙත රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

ඊයේ ගුවනින් ගම්පොළ කී‍්‍රඩාංගනය වෙත රැගෙන ආ ඒ මහතාගේ දේහය කොත්මලේ රම්බොඩ වැවන්ටන්වත්තේ පිහිටි ඒ මහතාගේ නිවෙස වෙත රැුගෙන ආවේ මහජන ගෞරවය සඳහායි.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හැටන් නෝර්වුඞ්හි තොණ්ඩමන් කී‍්‍රඩාංගනයේ දී හෙට සිදුකිරීමට නියමිතව තිබෙනවා.

අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ දිනයේ වතුකරයේ ජනතාව කොත්මලේ රම්බොඩ වැවන්ටන්වත්තේ පිහිටි ඒ මහතාගේ නිවෙස වෙත පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

(under the courtesy of nethnews.lk news web)

More News »