කුවේට තානාපතිගේ කෙප්පය හෙලි වේ.. ලාංකිකයන් එවා ඇත්තේ කොරෝනා පරීක්‍ෂා නැතිවයි..

2020-05-29 04:10:00       811
feature-top
ශ‍්‍රී ලංකාවට එවීමට පෙර කුවෙට්හි රඳවාගෙන සිටි කාලය තුළ තමන්ගේ කොරෝනා පරීක්ෂාවක් සිදු නොකළ බව එරට සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් සඳහන් කරති.

එම කාලයේ දී ශරීරයේ උෂ්ණත්වය සහ ලේ පරීක්ෂා කිරීමක් පමණක් සිදුකළ බවද ඔවුන් සඳහන් කළහ.

ශ්‍රී ලංකාවේට ඔවුන් කුවේටයේ සිට එවන ලද්දේ කොරෝනා පරීක්ෂාවක් සිදු කර ආසාදනය නැති බව තහවුරු වීමෙන් පසුව බව කුවේටයේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් මෙරට නිරෝධායන කදවරුවල රදවා සිටින ශ්‍රී ලාංකිකයන් පැවසූහ.

එරට කඳවුරුවල තමන් රඳවා සිටි කාලයේ දී කොරෝනා පරීක්ෂාවන් සඳහා සිදු කළේ නම් එරට දීම රෝගීන් හඳුනා ගැනීමට හැකිව තිබූ බවද ඔවුන් පෙන්වා දෙති.
(under the courtesy of lankacnews.com news web)

More News »