සෞඛ්‍ය උපදෙස් නොතකා විනෝද චාරිකා යන්නන් සොයයි

2020-05-29 01:36:00       798
feature-top
ඇඳිරි නීතිය ලිහිල් කළ මෙම කාලසීමාවේදී සෞඛ්‍ය උපදෙස් නොතකා විනෝද චාරිකාවල නිරත වූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියේ අවධානය යොමුව තිබෙනවා.

එලෙස විනෝද චාරිකා ගොස් සිටි පිරිස් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා ද තොරතුරු රැස් කර ගන්නා බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකරමින් සෞඛ්‍ය උපදෙස් කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා සිවිල් ඇඳුම් සැරසුන පොලිස් නිලධාරීන් ද තවදුරටත් යොදවා ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

(under the courtesy of nethnews.lk news web)

More News »