කළු කොටියා මියයයි

2020-05-29 11:41:00       794
feature-top
නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට හසු වි මුදාගත් කළු කොටියා අද (29) දින උදැසන උඩවලව ඇත් අතුරු සෙවනේදි මිය ගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් ප්‍රකාශ කර සිටියා.

එම වතු යායේ එලවළු වගා භුමියක දඩයම්කරුවන් විසින් අටවා තිබු මන්දකට කළු කොටියා හසු වි සිටි අතර උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරුන් සහ රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍යවරුන් විසින් මන්දට හසු වි සිටි කොටියා නිර්වින්දනය කර මුදාගෙන තුවාල ලබා සිටි කොටියා වැඩිදුර ප්‍රතිකාර සදහා උඩවලව ඇත් අතුරු සෙවන පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබමින් සිටියදි (29) දින උදැසන මිය ගිය බවයි වනජිවි නිලධාරින් සඳහන් කර සිටියේ.

ශ්‍රී පාද රක්ෂිතයේ මෙවැනි කොටින් හය දෙනෙකු පමණ වාසය කරන බවත්, පැන්තරා පාදුස් වර්ගයේ මෙම කළුකොටියන් 1% පමණ වාසය කරන බවයි වනජිවි නිලදාරින් කියා සිටියේ. මිය ගිය කොටියාගේ පශ්චාත් මරණ පරික්ෂණය එම රෝහලේදි සිදු කිරිමට නියමිතයි.
(under the courtesy of nethnews.lk news web)

More News »