ශ්‍රී ලංකා දේශපාලනයේ මහා පෞරුෂය - මහින්ද රාජපක්ෂයන් දේශපාලනයට වසර පනහක් සපිරේ

2020-05-27 08:09:00       784
feature-top
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට අද වසර 50ක් සම්පූර්ණ වනවා.

මහින්ද රාජපක්ෂ මහතා සිය දේශපාලන දිවිය ආරම්භ කළේ 1970 වසරේ මැයි 27වනදා පැවති මහමැතිවරණයට තරග කරමින්. එහිදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් බෙලිඅත්ත ආසනය ජය ගෙන මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

ඔහු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වශයෙන් පළමුවරට දිව්රුම් දුන්නේ 1970 වසරේ ජුනි මස 07වනදායිි.

2005 ජනාධිතිවරණය ජය ගනිමින් ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිධූරයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතා එතැන් සිට 2015 ජනවාරී 08වනදා දක්වා ජනාධිපතිධූරය හෙබවූවා.

දශක තුනක් පමණ තිස්සේ කි‍්‍රයාකාරීව පැවති එල් ටී ටී ඊය පරාජය කරමින් ශී‍්‍ර ලංකාව යුද ජයග‍්‍රහණය ලබා ගත්තේද මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම හා නායකත්වය යටතේයි.

2004 නොවැම්බර් 19වනදා සිට 2005 ජනාධිපතිවරණය දක්වාත්, 2018 ඔක්තොම්බර් 26වනදා සිට දෙසැම්බර් 15වනදා දක්වා සහ 2019 නොවැම්බර් 21වනදා සිට මේ දක්වාත් ශී‍්‍ර ලංකාවේ අග‍්‍රාමාත්‍යධූරය හොබවන්නේද මහින්ද රාජපක්ෂ මහතායි.
 
2002 පෙබරවාරී 06වනදා සිට අපේ‍්‍රල් 02වනදා දක්වාත්, යළි 2018 දෙසැම්බර් 18වනදා සිට 2019 නොවැම්බර් 21 වනදා දක්වාත් අවස්ථා දෙකකදී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙසද කටයුතු කළා.

විවිධ රජයන් යටතේ අමාත්‍යධූර ගණනාවක්ද හොබවා තිබෙන මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තරයේද කීර්තිය දිනා ගත් ජනනායකයෙක්.

කෙටි කළකදී ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමඛම බලවේගයක් වූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායකයා වන්නේද මහින්ද රාජපක්ෂ මහතායි.

මේ අතර අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට වසර 50ක් සම්පුර්ණ විම නිමිත්තෙන් ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සුභ පැතුමක් සටහන් කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා මෑත ඉතිහාසයේ බිහි වූ අග‍්‍රගන්‍ය දේශපාලන පෞර්ෂයක් සහිත නායකයෙකු බවයි එහි දැක්වෙන්නේ.

(under the courtesy of nethnews.lk news web)

More News »