මෝල් හිමියන් සටන ජය ගනියි - සහල් මිල ඉහළට

2020-05-27 08:08:00       792
feature-top
සහල් සඳහා නියම කර ඇති උපරිම මිල සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ අනුව දැනට කිලෝ ග්රැුම් 01 රුපියල් 90ක් ලෙස උපරිම මිල නියම කර ඇති නාඩු සහල් වල උපරිම මිල කිලෝ ග්රැම් 01 ක් රුපියල් 96ක් දක්වා වැඩි වෙනු ඇති බවයි නෙත් නිවුස් වෙත වර්තා වුණේ.

සම්බා සහල් කිලෝ ග්රැම් 01ක උපරිම මිල 98ක් ලෙස නියම කෙරෙනු ඇතැයිද වාර්තා වුණා. කෙසේවෙතත් කීරී සම්බා සඳහා දැනට නියම කර ඇත කිලෝ ග්රැම් 01 ක් රුපියල් 125 ක් වු උපරිම මිල සංශෝධනය නොවනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

මහ පරිමාන සහල් මෝල් හිමියන් සහ ජනාධිපතිවරයා අතර අද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. අග‍්‍රාමාත්‍යවරයා, අමාත්‍ය චමල් රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද ඊට සහභාගී වී ඇති බවයි වාර්තා වුණේ.

සහල් සඳහා නියම කර ඇති උපරිම මිල සංශෝධනය කිරීමට තීරණය කර ඇත්තේ මෙම සාකච්ඡාවේදි බව වාර්තා වුණා.

කෙසේවෙතත් නව උපරිම මිල බලාත්මක වන්නේ ඒ පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් පසුවයි.

මේ අතර අත්‍යාවශ්‍ය ආහාර කිහිපයක බදු ඉකුත්දා වැඩි කෙරුණා.

එහෙත් එම ආහාර ද්‍රව්‍ය බොහොමයක මිල ලෝක වෙළදපොළේ අඩු වී ඇති නිසා දේශියව එම ආහාරවල මිල කැපී පෙනෙන ලෙස වෙනස් නොවනු ඇති බවයි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළදුන්ගේ සංගම පවසන්නේ.

අත්‍යාවශ්‍ය ආහාර කිහිපයක බදු වැඩි කිරීමට රජය තීරණය කළේ දේශීය ගෝවීන්ට දිරි දීම සඳහායි.

(under the courtesy of nethnews.lk news web)

More News »